Trending Newsඑසැන පුවත්දේශීය

නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ අත්අඩංගුවට

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ නැමැත්තා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

ශ්‍රාවස්තිපුර තිබිරිකඩවල ප්‍රදේශයේ නිදන් හැරීමේ සිදුවීමක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටින ඔහුගේ බිරිඳ සම්බන්ධව සිදු කෙරෙන විමර්ශනවලට අදාළවඑකී තැනැත්තා අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රාවස්තිපුර, තිබිරිකඩවල ප්‍රදේශයේ දේවාලයක් ආසන්නයේ පිහිටි ඉඩමක නිධන් හාරමින් සිටි බව කියන නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරියක ඇතුළු 8 දෙනෙකු අනුරාධපුර පොලිසිය මගින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබිණ..

එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් මුදාහරින ලෙස නියෝජ්‍ය පොලිස්තිපතිවරයා වැටලීම සිදුකළ පොලිස් නිලධාරීන්ට දුරකථනයෙන් බලපෑම් කිරීමේ සිදුවීමක් සම්බන්ධවද තොරතුරු වාර්තා වූ අතර එම කරුණු අනාවරණය කර ගැනීම සඳහා  සියලු සැකකරුවන්ගේ දුරකතන අංකවලට අදාළ විශ්ලේෂණ වාර්තා නොපමාව පොලීසියට ලබා දෙන ලෙසද අනුරාධපුර වැඩබලන මහෙස්ත්‍රාත් චන්දන වීරකෝන් මහතා සියලු දුරකථන සමාගම්වලට මීට පෙර නියෝග කර තිබුණි.

Related posts

බෙදුම් නඩු පනත ට නව සංශෝධන ගෙනඑයි

Mohamed Dilsad

India crush South Africa to reach Semi-Finals

Mohamed Dilsad

Cabinet approval granted for Appropriation Bill

Mohamed Dilsad

Leave a Comment