දේශීය

බන්ධනාගාර නිලධාරියකුට පහර දීමක්

වැලිගම පොලිස් වසමේ වැලිගම බස්නැවතුම්පොළ අසල දී බන්ධනාගාර නිලධාරියකුට පහරදීමක් සිදු ව තිබේ.

 

ඊයේ (05) සවස එම පහරදීම සිදුකර ඇත්තේ, එම නිලධාරියා රාජකාරිය නිමා කර සිය නිවස බලා යමින් සිටින විටදීය.

 

05 දෙනෙකුගෙන් යුතු පිරිසක විසින් නිලධාරියා නිවස බලා යාමට සිටි බස්රථයට නැග මෙම පහරදීම සිදුකර ඇත.

 

පහරදීම හේතුවෙන් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරියා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇත.

 

නිලධාරියා පෙරේදා (04) මාතර බන්ධනාගාරයේ සේවය කර ස්ථාන මාරුවීම් ලබා ගාල්ල බන්ධනාගාරයේ රාජකාරියට වාර්තාකර ඇති බව ද වාර්තා වෙයි.

 

පහරදීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තෙරතුරු අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

 

Related posts

ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් ප්‍රබල ආරම්භයක්

Mohamed Dilsad

අභ්‍යන්තර කටයුතුවලට අත පොවන රටවලින් ජනපති කළ ඉල්ලීම

Mohamed Dilsad

ශ්‍රීලනිප 74 වැනි සංවත්සරය පැවැත්වීමට වත්මන් පාර්ශ්වයට කිසිදු නීත්‍යානුකූල අයිතියක් නැහැ – දයාසිරි ජය⁣සේකර

Editor O

Leave a Comment