දේශීය

අභ්‍යන්තර කටයුතුවලට අත පොවන රටවලින් ජනපති කළ ඉල්ලීම

(UTV | කොළඹ) – එක්සත් ජාතීන්ගේ මූලධර්මවලට සහ එක් චීනයක් යන ප්‍රතිපත්තියට ශ්‍රී ලංකාව සැමවිටම කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ චීන තානාපති චී ෂෙන්ග්හොං (Qi Zhenhong) අතර පැවති පැවති හමුවකදීයි.

මේ බව සදහන් කරමින් ජනාධිපතිවරයා විසින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ රටවල් අතර මේ වනවිට පවතින උණුසුම් තත්ත්වයන් වර්ධනය වීමට හේතුවන පියවර නොගෙන සිටීමට එකිනෙක රටවල් වගබලා ගතයුතු බවයි.

එමෙන්ම රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීමට මෙන්ම අන්‍යෝන්‍ය ගෞරවයද රැකෙන පරිදි කටයුතු කිරීමටද කැපවිය යුතු බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සදහන් කර තිබේ.

Related posts

IMF ප්‍රගතිය මුදල් ඇමැති ලංකාවට ආවම කියයි

Mohamed Dilsad

ඩිෆෙන්ඩර් අනතුරේ CCTV දර්ශන

Mohamed Dilsad

පාට වෙනස් වූ ගෑස් ලොරියක් පොලිස් දැලේ

Mohamed Dilsad

Leave a Comment