දේශීය

බන්ධනාගාර නිලධාරියකුට පහර දීමක්

වැලිගම පොලිස් වසමේ වැලිගම බස්නැවතුම්පොළ අසල දී බන්ධනාගාර නිලධාරියකුට පහරදීමක් සිදු ව තිබේ.

 

ඊයේ (05) සවස එම පහරදීම සිදුකර ඇත්තේ, එම නිලධාරියා රාජකාරිය නිමා කර සිය නිවස බලා යමින් සිටින විටදීය.

 

05 දෙනෙකුගෙන් යුතු පිරිසක විසින් නිලධාරියා නිවස බලා යාමට සිටි බස්රථයට නැග මෙම පහරදීම සිදුකර ඇත.

 

පහරදීම හේතුවෙන් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරියා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇත.

 

නිලධාරියා පෙරේදා (04) මාතර බන්ධනාගාරයේ සේවය කර ස්ථාන මාරුවීම් ලබා ගාල්ල බන්ධනාගාරයේ රාජකාරියට වාර්තාකර ඇති බව ද වාර්තා වෙයි.

 

පහරදීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තෙරතුරු අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

 

Related posts

කෝටි ගණනක මුදල් වංචා කළ මූල්‍ය ආයතනයක්

Mohamed Dilsad

මධ්‍යම පළාතේ ස්ථාන කිහිපයකට නායයෑමේ රතු නිවේදන

Editor O

බලපත්‍ර රහිත ගිනි අවි රජයට භාර දීම සඳහා සහන කාලයක්

Mohamed Dilsad

Leave a Comment