දේශීය

දඹුල්ලේ සහ නෙළුවේ සැකකටයුතු මරණ 2ක්

දඹුල්ල, පල්ලේගම කනත්ත අසල තිබී සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළසිරුරක් හමු ව තිබේ.

 

ඊයේ (04) සවස පොලීසියට ලද දැනුම්දීමක් මත මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකර ඇති අතර, එහි දී අනාවරණය වී ඇත්තේ, මෙම පුද්ගලයා 63 හැවිරිදි කිතුල්හිටියාව, මඩාටුව ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයකු බවයි.

 

මරණ පරීකෂණය අද (05) දිනයේ සිදුකිරීමට නියමිත අතර, දඹුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

 

මේ අතර, නෙළුව, ලේලවල ප්‍රදේශයේ නිවසක තනිව ජීවත් වූ වයෝවෘධ කාන්තාවක් සැකකටයුතු ලෙස මියගොස් සිටිය දී හමුව තිබේ.

 

72 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇති අතර, නෙළුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ඇත.

Related posts

මෙරට PCR පරීක්ෂණ 91,000 ඉක්මවයි

Mohamed Dilsad

මලික් සමරවික්‍රම ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණයේ කළුතර දිස්ත්‍රික් මනාප ප්‍රතිඵළ ගැන ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

Editor O

Leave a Comment