දේශීය

ගෑස් මිල සංශෝධනය අද

ලිට්‍රෝ ගෑස් මිල අද (04) දිනයේ සංශෝධනය කිරීමට නියමිතව තිබේ.

 

මාසිකව සිදුකළ ගාස්තු සංශෝධනයට අනුව මෙවර ගෑස් මිල සංශෝධනයට අදාළ මිල ගණන් අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.

 

කෙසේවෙතත් මේ වනවිට ලෝක වෙළෙඳපොළ තුළ ගෑස් මිල ඉහළ ගොස් ඇති අතර මෙට්‍රික් ටොන් එකක් අමෙරිකානු ඩොලර් 85කට වැඩි අගයකින් ඉහළ ගොස් තිබේ.

 

එම තත්ත්වයන් සලකා බලා ගෑස් මිල සංශෝධනය සිදුවන ආකාරය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

 

පසුගිය මස සිදුවූ මිල සංශෝධනයට අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 204කින්, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 83කින් සහ කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 37කින් පහත දැමීමට ලිට්‍රෝ සමාගම පියවර ගනු ලැබීය.

Related posts

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ගැටලු වලට අමාත්‍යවරියගෙන් විසඳුම්

Mohamed Dilsad

සමෘද්ධි නියාමකවරයෙකුට පහර දුන් 2 ක් රිමාන්ඩ්

Mohamed Dilsad

බන්ධනාගාරගත වන්නන්ගෙන් වැඩි පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සහ මත්ද්‍රව්‍ය අළෙවිකරුවන්

Editor O

Leave a Comment