දේශීය

ලාෆ්ස් සහ ලිට්‍රෝ මිල සමාන කරමින් මිල සූත්‍රයක්

ලාෆ්ස් සහ ලිට්‍රෝ ගෑස්වල මිල ගණන් සමාන වන පරිදි මිල සූත්‍රයක් හඳුන්වා දීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

 

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, වෙළෙඳපොළේ ලිට්‍රෝ ගෑස් මිලට සාපේක්ෂව ලාෆ්ස් ගෑස් මිල ගණන් ඉහළ අගයක පවතින බවයි.

 

මෙම තත්ත්වය සම්බන්ධයෙන් ලාෆ්ස් ගෑස් සමාගම සමඟ සාකච්ඡා කර ඇති බවත් ඉදිරි සතිය තුළ මිල සංශෝධනය පිළිබඳ එකඟතාවක් ලබාදීමට එම සමාගම පොරොන්දු වී තිබෙන බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි.

 

ඒ අනුව ඉදිරියේදී ලාෆ්ස් ගෑස් සදහා ද මිල සූත්‍රය හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කර ඇත.

 

එසේම, ආනයනික බිත්තර ඉදිරි සති කිහිපය තුළ වෙළෙඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

 

මේ අතර, ආනයනික පොල්තෙල් සඳහා පවතින බද්ද ඉහළ දැමීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

 

දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත.

 

 

Related posts

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය රතුඑළි පෙන්නයි

Mohamed Dilsad

කොළඹ තවත් ප්‍රදේශයක් හුදෙකලා කරයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන විශේෂ මාධ්‍ය සාකච්ඡාව

Mohamed Dilsad

Leave a Comment