දේශීය

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය රතුඑළි පෙන්නයි

(UTV | කොළඹ) – අත්‍යාවශ්‍ය ඖෂධ හා අත්‍යාවශ්‍ය උපකරණ නොමැති පසුබිමක සෞඛ්‍ය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදන නිකුත් කිරීමට රජය කටයුතු කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.

අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයක් ඇති විය හැකි බවට මීට පෙර සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරින් දැනුවත් කළ ද ඊට ඔවුන් විසින් නිසි පියවර නොගත් බව එම සංගමයේ වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා මෙසේද පැවසීය.

“අද වෙනකොට අපිට පේන්න තියෙනවා දැඩි ඖෂධ අර්බුදයකට අපි මුහුණදෙමින් ඉන්නවා. රජයකට තියෙන මුලික වගකීමක් තමා ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම. ඒ වගේම ජනතාවට සෞඛ්‍ය සඳහා තියෙන මුලික අයිතිවාසිකම තහවුරු කිරීම. ඒ වගේම ජනතාවට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීම. මේ සියලුම මුලික අයිතිවාසිකම් මේ රජය සපුරාලන්න රජය අසමත් වේගෙන එනවා. රටේ බෙහෙත් නැත්නම් අත්‍යාවශ්‍ය ඖෂධ නැත්නම්, අත්‍යාවශ්‍ය උපකරණ නැත්නම්, ශෛල්‍යකර්ම කරන්න අවශ්‍ය උපකරණ නැත්නම්, අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යන්න බැහැ.”

Related posts

සේවක අර්ථසාධක ගෙවීම් දින තුනකට නවතී.

Editor O

මාළු තොග මිලදී ගැනීමට රජයෙන් රුපියල් මිලියන 600 ක්

Mohamed Dilsad

බන්ධනාගාරවලට STF ආරක්ෂාව

Mohamed Dilsad

Leave a Comment