දේශීය

ටෙලිකොම් සේවකයින්ගෙන් දැඩි තීරණයක්

කුමන කුමන්ත්‍රණය සිදුකළත් ටෙලිකොම් සතු ඉතිරි කොටස් විකිණීමට සේවකයින් ඉඩ නොතබන බව ශ්‍රී ලංකා විදුලි සන්දේශ සේවක සංගමය පවසයි.

 

ටෙලිකොම් වෘත්තිය සමිති අද (20) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මේ පිළිබඳ සිය ස්ථාවරය ප්‍රකාශ කළේය.

 

ශ්‍රී ලංකා විදුලි සන්දේශ සේවක සංගමයේ සභාපති ජගත් ගුරුසිංහ මහතා,

 

“ටෙලිකොම් ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් කමිටුවක් පත්කරලා තිබෙනවා අධ්‍යක්ෂ මණ්ඩලය තුළ. එහි සභාපති ධුරය දැනුවේ මෙම අලුතෙන් පත්වූ රියාස් කියන සභාපතිවරයා. මොන කුමන්ත්‍රණය කළත් ටෙලිකොම් ඉතිරි කොටස් විකිණීමට සේවකයින් අවස්ථාව ලබාදෙන්නේ නැහැ.”

 

ශ්‍රී ලංකා ටෙලිකොම් සේවක සංගමයේ සභාපති අතුල බොතේජු,

 

“අපේ සේවකයින්ට සහ අපේ ආයතනයට එරෙහිව කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් තමයි මේ යන්නේ. සෑහෙන්න පිරිසක් ගෙදර යවන්න බලාගෙන ඉන්නවා. කළමනාකාරීත්වය ටෙලිෂොප් ටික විකුණන්න කටයුතු කරගෙන යනවා.”

 

මේ අතර අධ්‍යක්ෂ මණ්ඩල කුමන්ත්‍රණයක් මගින් තමාව ටෙලිකොම් සභාපති ධුරයෙන් ඉවත් කළ බව එහි සභාපති ලෙස කටයුතු කළ රොහාන් ප්‍රනාන්දු මහතා අද (20) අනාවරණ කළේය.

 

කොළඹදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු කියා සිටියේ ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණයට තමා බාධාවක් වූ බැවින් මෙලෙස ධුරයෙන් ඉවත් කරන්නට ඇති බවය.

 

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගතකරණ වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ද පෞද්ගලීකරණය කිරීමට යෝජිතව ඇතැයි පසුගියදා රජය අනාවරණ කළේය.

 

කෙසේවෙතත් ඊට ටෙලිකොම් වෘත්තීය සමිති සහ තවත් පාර්ශ්ව කිහිපයකින් විරෝධය එල්ල වුණි.

 

ඒ අතර රැස්වූ ආරක්ෂක ආංශික අධීක්ෂණ කාරක සභාව ද ටෙලිකොම් පෞද්ගලීකරණය නොකළ යුතු බවට නිර්දේශ කර තිබුණි.

 

 

Related posts

ඇමෙරිකානු තානාපති ජූලි චුන්ග් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක්

Editor O

පොහොර නොමැතිව ගොවීන් දුෂ්කරතාවක

Mohamed Dilsad

‘එක රටක් එක නීතියක්’ : ජනපති කාර්ය සාධක බලකායේ සභාපතිකම ඥානසාර හිමිට

Mohamed Dilsad

Leave a Comment