දේශීය

ප්‍රදේශ කිහිපයකට ජලය කැපේ

අද (16) පෙවරු 08.30 සිට පස්වරු 05.00 දක්වා කාලය තුළ පෑලියගොඩ, වත්තල, ජාඇළ, කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.

 

සපුගස්කන්ද විදුලි උපපොළෙහි හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද දිනයේ පැය අට හමාරක කාලයක් බියගම ජලපවිත්‍රාගාරයට ජලය සැපයීම අත්හිටුවීමට සිදුවීම හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කර ඇත.

 

එමෙන්ම කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, කටාන, මිනුවන්ගොඩ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ද ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය වැඩිදුරටත් අවධාරණය කරයි.

 

 

Related posts

තැපැල් ඡන්දයට අයදුම්පත් කැඳවයි.

Editor O

කෘෂිකාර්මික කටයුතු වලට දුන් අවසරය තවදුරටත් ලිහිල් කරයි

Mohamed Dilsad

විදුලි බිල්පත් සම්බන්ධව ඇති ගැටලු ඉදිරිපත් කිරීමට දුරකථන අංකයක්

Mohamed Dilsad

Leave a Comment