දේශීය

අදත් වැස්ස

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (07) දිනයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

ඒ අනුව, වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

 

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද පළාත්වලත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැ.කි.මී. 40-45 ක පමණ තරමක් තද සුළං ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව තවදුරටත් පැවසීය.

Related posts

පොදු ස්ථානවලට යන අයට ළඟදීම එන්නත් කාඩ්පත අනිවාර්ය වෙයි

Mohamed Dilsad

උපාධිධාරීන් ස්ථිර කිරීමේ සම්මුඛ පරික්ෂණ ඇරඹේ

Mohamed Dilsad

උසස්පෙළ සහ ශිෂ්‍යත්ව විභය කල් දැමීම ගැන අවසන් තීරණය

Mohamed Dilsad

Leave a Comment