දේශීය

අදත් වැස්ස

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (07) දිනයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

ඒ අනුව, වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

 

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද පළාත්වලත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැ.කි.මී. 40-45 ක පමණ තරමක් තද සුළං ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව තවදුරටත් පැවසීය.

Related posts

මෙරට ගෝණුස්සන් 200 ක් සමඟ චීන ජාතිකයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ඊයේ දින සිට මෙතෙක් කොවිඩ් ආසාදිතයින් වාර්තා වී නැහැ

Mohamed Dilsad

තැපැල් සේවකයෝ සංකේත වැඩ වර්ජනයක් අරඹයි.

Editor O

Leave a Comment