දේශීය

පොදු ස්ථානවලට යන අයට ළඟදීම එන්නත් කාඩ්පත අනිවාර්ය වෙයි

(UTV | කොළඹ) – නුදුරේදීම පොදු ස්ථානවලට ඇතුළු වන පුද්ගලයින්ට අනිවාර්ය වන එන්නත් කාඩ්පතට බූස්ටර මාත්‍රාව ද එක් කර තිබෙනවා.

මේ බව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මීට සුළු මොහොතකට පෙර දැනුම් දෙනු ලැබුවා.

මේ අතර සෞඛ්‍ය අංශයන් විසින් වයස අවුරුදු 12ට වැඩි පාසල් දරුවන්ට එන්නත් කිරීමේ කටයුතු අද සිට ආරම්භ කරන බව දැනුම්දී තිබෙනවා.

මේ අනුව ඔබේ දරුවාට එන්නත් කරන්නේ කවදාදැයි පාසල විසින් ඔබට දන්වන තෙක් කරුණාකර ඉවසීමෙන් සිටින්නැයි සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.

16ට වැඩි වයස් කාණ්ඩ සඳහා දෙවන මාත්‍රාව සති 12 සම්පූර්ණ වූ පසු පෙබරවාරි මාසයේ දී ලබාදීමට නියමිතව ඇත.

Related posts

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් සහ පොහොට්ටුවේ මන්ත්‍රීවරු පිරිසක් අතර සාකච්ඡාවක්

Editor O

රට පුරා රෝහල්වල වැඩ වර්ජනයක්

Editor O

ජනපති ප්‍රධානත්වයෙන් 21 ගැන සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment