දේශීය

වත්තල ප්‍රදේශ කීපයකට හෙට ජල කප්පාදුවක්

(UTV | ගම්පහ) – වත්තල ප්‍රදේශ කීපයකට හෙට (03) පෙරවරු 10 සිට පැය 18 ක කාලයක් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

වැඩි දියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අඩාල වන්නේ හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණ පාර, බලගල, ගලහදූව ප්‍රදේශවලටයි.

මීට අමතරව, මරදාන පාර, ඇලකන්ද සහ හැඳල පාරේ කොටසකට ද හෙට පෙරවරු 10 සිට පැය 18 ක් ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

 

Related posts

දුම්රිය වැඩ වර්ජනය අත්හිටුවයි [UPDATE]

Mohamed Dilsad

‘වී’ රාජ්‍ය දේපලක් සේ සලකා අත්‍යවශය සේවාවක් කරන්නැයි යෝජනාවක්

Mohamed Dilsad

කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සජබ මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි.

Editor O

Leave a Comment