විදෙස්

දශක දෙකකට පසු සිංගප්පුරු කාන්තාවකට පළමුවරට මරණීය දණ්ඩනය

හෙරොයින් ළඟ තබාගැනීම හේතුවෙන් වරදකාරිනියක් වූ කාන්තාවකට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට සිංගප්පුරු රජය තීරණය කර තිබේ.

 

දශක දෙකක් වැනි කාලයකට පසුව එහි කාන්තාවකට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන්නේ පළමුවරට බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි.

 

එසේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත්තේ සරිදේවි ජාමනි නම් 45 හැවිරිදි සිංගප්පුරු ජාතික කාන්තාවකට ය.

 

ඇය 2018 වසරේදී හෙරොයින් ග්‍රෑම් 30ක් නීතිවිරෝධී ලෙස රැගෙන ආ බවට වරදකරු වූවාය.

 

 

ඒ අනුව දින දෙකක් තුළ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කෙරෙන මත්ද්‍රව්‍ය චුදිතයා ඇය බව එරට මාධ්‍ය පවසයි.

 

එසේම 2022 මාර්තු මාසයට පසුව එවැනි චෝදනාවක් හේතුවෙන් මරණ දණ්ඩනය ලැබූ 15 වැනියා ඇය වෙයි.

 

ලොව රටවල් අතුරින් දැඩිම මත්ද්‍රව්‍ය විරෝධී නීති පද්ධතියක් සහිත රටකි සිංගප්පුරුව. එරට බලධාරීන් පවසන්නේ සමාජය ආරක්ෂා කර ගැනීමට එය අත්‍යවශ්‍ය බවය.

 

එරට පවත්නා නීතිය අනුව හෙරොයින් ග්‍රෑම් 15ක් හෝ ගංජා ග්‍රෑම් 500ක් ජාවාරම් කිරීම මරණ දණ්ඩනය ලබාදිය හැකි වරදක් ලෙස දැක්වෙයි.

Related posts

ඔමික්‍රෝන් සුළු කොට තකන්න එපා – WHO

Mohamed Dilsad

ඕස්ට්‍රේලියා ඇමරිකා නායකයින් මුල්වරට හමුවෙයි

Mohamed Dilsad

රාජකන්‍යා කුමරිය තායි මැතිවරණයට නොසුදුසු බව මැතිවරණ කොමිසම කියයි…

Mohamed Dilsad

Leave a Comment