විදෙස්

මැතිවරණය ජය ගත් ඉම්රාන් ඛාන් සන්ධාන ගත වීමට සාකච්ඡාවේ

(UTV|පාකිස්තානය) – පාකිස්තාන මහ මැතිවරණයේ නිකුත් වී ඇති ආසන 263ක නිළ ප්‍රතිඵලවලට අනුව හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන්ගේ තෙහෙරික් ඊ ඉන්සාෆ් පක්ෂයට ආසන 115 ක් හිමි විය.

ඉන් නවාස් ශරීෆ්ගේ පාකිස්තාන මුස්ලිම් ලීගයට ආසන 63 ක් හිමිවී ඇති අතර, බෙනාසීර් භූතෝගේ පුත්‍රයා වන බිල්වාල්ගේ නායකත්වයෙන් යුත් පාකිස්තාන මහජන පක්ෂයට හිමිවී ඇත්තේ ආසන 43 ක් පමණි.

ආසන 09 ක ප්‍රතිඵල තවමත් නිකුත් වී නොමැති අතර ආසන 02 ක ජන්ද විමසීම කල් දමා  බව විදෙස් වාර්තා වල දැක්වේ.

ආණ්ඩුවක් පිහිටුවීමට නම් ආසන 272 කින් යුත් පාකිස්තාන පාර්ලිමේන්තුවේ ආසන 137 ක් ජයග්‍රහණය කළ යුතුයි.

ඉම්රාන් ඛාන්ට සන්ධානයක් පිහිටුවීම සඳහා අවශ්‍ය සාකච්ඡා මේ වන විටත් ආරම්භ  කර තිබේ.

සුළු පක්ෂවල සහයෙන් ඉම්රාන් ඛාන් ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරනු ඇති බවයි මාධ්‍ය වාර්තාවල දැක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඊජිප්තුවේ අන්තර්ජාල භාවිතයට තහංචිද?

Mohamed Dilsad

පන්ති භාර ගුරුවරිය සමඟ විවාහ වූ ලාබාලතම ජනාධිපතිවරයා

Mohamed Dilsad

ඕස්ට්‍රේලියා ඇමරිකා නායකයින් මුල්වරට හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment