දේශීයවිදෙස්

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් දිවයිනට

ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රංශ ජනාධිපතිවරයා ලෙස, ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් අද (28) දිවයිනට පැමිණියේය.

 

දකුණු පැසිෆික් කලාපයේ සංචාරයක නිරතවීමෙන් පසු ප්‍රංශ ජනාධිපතිවරයා මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණි බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

 

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක නිරතවන අතර, එහිදී දෙරට අතර සබඳතා ශක්තිමත් කරලීම පිළිබඳ අවධානය යොමුවනු ඇත,

 

ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට මේ වසරේදී 75 වසරක් සපිරෙන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

 

ප්‍රංශ ජනාධිපතිවරයා සමඟ එරට යුරෝපීය සහ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරිය ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිසක්ද ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් සමඟ දිවයිනට පැමිණියහ.

Related posts

නව කෝටි අට ලක්ෂයක චීන දුම්වැටි තොගයක් රේගු භාරයට

Mohamed Dilsad

මේ දින වල කොරෝනා දරුවන්ට බලපාන හැටි

Mohamed Dilsad

ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ලංවීම ඇතුළු ආයතන රැසක් පාඩු ලබයි.

Editor O

Leave a Comment