Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ලංවීම ඇතුළු ආයතන රැසක් පාඩු ලබයි.

ශ්‍රී ලංකා රජය සතු ව්‍යාපාර ආයතන (SOEs) මගින් 2025 වසරේ මුල් මාස හය තුළ රුපියල් බිලියන 227.8ක සමස්ත ලාභයක් වාර්තා කර තිබේ.

කෙසේ වෙතත්, මෙය පෙර වසරේ එම කාලයට සාපේක්ෂව සැලකිය යුතු පසුබෑමක් පෙන්නුම් කරයි.

2024 වසරේ එම කාලය තුළ රුපියල් බිලියන 280.7ක පමණ ලාභයක් වාර්තා කර තිබූ බැවින්, මෙම වසරේ ලාභයේ රුපියල් බිලියන 52.9ක පහළ වැටීමක් දක්නට ලැබේ.

මෙම ආදායම පහළ වැටීමට ප්‍රධාන හේතුවක් ලෙස විදුලි බිල පහත දැමීම බලපෑ බවට ආණ්ඩුව සඳහන් කරයි.

මෙලෙස සමස්ත රාජ්‍ය ව්‍යාපාර ආදායම මෙම වසරේ මුල් මාස හය තුළ රුපියල් බිලියන 227ක ලාභයක් උපයා ගත්ත ද, ඇතැම් ප්‍රධාන ආයතන දැවැන්ත පාඩු වාර්තා කර ඇත. විශේෂයෙන්ම, ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 13.2ක පාඩුවක් වාර්තා කර ඇති අතර, ශ්‍රී ලංකන් එයාර්ලයින් ආයතනයද රුපියල් බිලියන 10.7ක පාඩුවක් වාර්තා කර තිබීම විශේෂයෙන් කැපී පෙනේ

Related posts

ஜனாதிபதி ஃபிலிப்பைன்ஸ் விஜயம்

Mohamed Dilsad

විදුලි බිල ජුනි මාසයේ වැඩි කරනවා – ජනාධිපති

Editor O

23 හැවිරිදි තරුණයා දියේ ගිලී මරුට

Mohamed Dilsad

Leave a Comment