දේශීය

නව කෝටි අට ලක්ෂයක චීන දුම්වැටි තොගයක් රේගු භාරයට

(UTV | කොළඹ) – රුපියල් නව කෝටි අට ලක්ෂ දහසය දහසක් පමණ වටිනා චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් ගොඩනැගිලි ඉදිකිරීම සදහා භාවිතා කරන පලංචි කණු ලෙස ප්‍රකාශ කරමින් , කොළඹ වරායට බහාලුමක් තුළ එවා තිබියදී ග්‍රෑන්ඩ්පාස් ග්‍රේ ලයින් 02 අංගනයේ රේගු පරීක්ෂණ නිලධාරීන් විසින් අද දින අත්අඩංගුවට ගෙන ඇති බව රේගු අධ්‍යක්ෂ ජනරාල් , විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතා පැවසීය.

කොළඹ ප්‍රධාන පෙළේ ගොඩනැගිලි ඉදිකිරීම් සදහා යකඩ සහ පලංචි ආනයනය කරන ව්‍යාපාරිකයෙකු විසින් මෙම දුම්වැටි අඩංගු පලංචි කණු තොගය චීනයේ වෙන්ෂෝ වරායේ සිට අඩි 20 ක් දිගැති බහාලුමක් තුළ කොළඹ වරායට ගෙන්වා තිබුණි.

මෙම බහාලුම විවෘත කර පරීක්ෂා කර බැලූ රේගු නිලධාරීන්ට මෙම පලංචි කණු වල නිමාවේ තිබූ අසාමාන්‍යතා මෙම දුම්වැටි තොගය සොයා ගැනීමට හේතු වී තිබුණි.

මෙම බහාලුම තුළ අඩි 10 ක් දිග අඩි 4 × 4 ප්‍රමාණයේ , දෙපසින් ලෝහ තහඩු යොදා වසා දමා තිබූ පලංචි කණු 344 ක් තුළ මෙම දුම්වැටි කාටූන් 22 බැගින් සගවා තිබුණි.

ඒ අනුව චීනයේ නිෂ්පාදිත දුම්වැටි වර්ග 06 කට අයත් , දුම්වැටි 1513,600 ක් (පහලොස් ලක්ෂ දහතුන් දහස් හය සියයක් ) අඩංගු, දුම්වැටි කාටූන් 7,568 ක් මෙම පලංචි කණු තුළ සගවා තිබියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබුණි.

 

Related posts

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 190 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

කෝප් – කෝපා කමිටු පළමු වරට අද රැස් වෙයි

Mohamed Dilsad

උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

Leave a Comment