කලා

‘හැරි පෝටර්’ හරහා ලොවක් වසඟ කළ සුරූපිනිය රංගනයට සමුදෙයි

(UTV | ඇමරිකා) – වයස අවුරුදු 09 ක් වෙද්දි ‘හැරි පෝටර්’ චිත්‍රපට තුළින් සිනමා රංගනයට පිවිසි සුරූපි එමා වොට්සන් මීට දින කිහිපයකට පෙර සමාජජාල පිටු අතරට තමන් රංගනයෙන් ඉවත් වන බව පවසා තිබුණි.

‘හැරි පෝටර්’ චිත්‍රපටයේ ‘හර්මයිනි ගැන්ජෙර්’ ලෙස ලොවපුරා සිනමා ලෝලීන් ආදරය දිනාගත් එමා වොට්සන් මෙසේ රංගනයෙන් සමුගැනීමට හේතුව කුමක්දැයි තවමත් නිශ්චිත ලෙස වාර්තා නොවේ.

කෙසේවෙතත් තම ආදරණීය පෙම්වතා සමග සහ පවුලේ අය සමග වැඩි වශයෙන් කාලය ගතකිරීමට අවශ්‍ය නිසා ඒම තීරණය ගෙන ඇති බවද ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මේ වන විට 30 වැනි වියෙහි පසුවන වොට්සන්ගේ නියෝජිතයෙකු පවසා සිටින්නේ එමා මේ වනවිට ලියෝ රොබින්ටන් සමග වසර එකහාමරක් තිස්සේ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වමින් සිටින බවයි.

ඔවුන් දෙදෙනා විවාහ වීමට මෙසේ ඇය රංගනයෙන් සමුගැනීමට තීරණය කර ඇති බවද වාර්තා වෙයි.

 

Related posts

උමා කුරේෂි කොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටයක

Mohamed Dilsad

නවතම ත්‍රාසජනක හොලිවුඩ් අලුත්ම චිත්‍රපටය Escape room.

Mohamed Dilsad

See you Again ගීතය සඳහාය ඉහළ ප්‍රතිචාර

Mohamed Dilsad

Leave a Comment