දේශීය

සහල් ආනයනයෙන් සතොස ට බිලියන ගණනක පාඩුවක්

2014 සහ 2015 වර්ෂවල මෙරටට සහල් ආනයනය කිරීමේදී ලංකා සතොස ආයතනයට රුපියල් බිලියන 6.5ක පාඩුවක් සිදුවී ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී අනාවරණ වී තිබේ.

 

මිනිස් පාරිභෝජනය සඳහා ආනයන කළ සහල් පාරිභෝජනයට නුසුදුසු බැවින් ඒවා සත්ත්ව ආහාර සඳහා අලෙවි කිරීම හරහා මෙම පාඩුව සිදුවී ඇති බවද එම කාරක සභාවේදී වැඩිදුරටත් අනාවරණය වුණි.

 

කෙසේවෙතත් කෝප් කමිටු සාමාජික ශානික්‍යන් රාසමානික්කම් මහතා සඳහන් කළේ,

 

“ඒ දවස්වල ඔය සහල් ගේනකොට ඕකට සම්බන්ධවෙලා හිටියේ කවුද කියලා ලංකාවම දන්නවා. වැඩිපුර කාලයක් ගබඩාවල තියලා..ඊට පස්සේ මේක නරක් වුණා කියලා.. සත්ව ආහාරවලට කියලා විකුණලා.. ඒ විකුණපු එක පිටකොටුවට ගිහින්.. පිටකොටුවෙන් ඒ හාල්ටික ආයේ අරගෙන ආපහු වික්කා කඩේට.”

 

 

Related posts

දිස්ත්‍රික්ක 04 කට නායයාමේ අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

දඹුල්ල නගරයේ ප්‍රසිද්ධ ස්ථාන සියල්ලම විෂබීජහරණය කරයි

Mohamed Dilsad

පළාත් පාලන ඡන්ද විමසීම් පනත් කෙටුම්පතේ සංශෝධනවලට එරෙහි පෙත්සම් විභාගයේ තීන්දුව කතානායකට

Editor O

Leave a Comment