දේශීය

පොලිස් නිලධාරිනියක් පහරදුන් බව කියන සිසුවෙක් රෝහලේ

ප්‍රේමසම්බන්ධයක් මත සිදුකළ බව කියන පහරදීමකින් තුවාල ලැබූ 15 හැවිරිදි පාසල් සිසුවෙකු රෝහල්ගත කර තිබේ.

 

කඹුරුපිටිය ප්‍රදේශයේ පාසලක සිසුවෙකු මෙම සිද්ධියට මුහුණදී ඇත.

 

පොලිස් කාන්තාවක් තවත් පිරිසක් සමග එක්වී අදාළ සිසුවා ව සිය මෝටර් රථයේ නංවාගෙන ගොස් තම දියණිය සමග ඇති ප්‍රේමසම්බන්ධය නතර කරන ලෙසට තර්ජනය කරමින් පහරදී ඇතැයි පැවසෙයි.

 

සිද්ධියෙන් තුවාල ලැබූ සිසුවා ව කඹුරුපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇත.

 

පහර කෑමට ලක්වී ඇති පාසල් සිසුවා ඉකුත් 20 වනදා පාසල නිමවී පිටතට පැමිණි අවස්ථාවේ පාසල අසන්නයේදී පොලිස් නිලධාරිනිය ඇතුළු පිරිස සිසුවා ව මෝටර් රථයට නංවාගෙන තිබේ.

 

පසුව පහරදීමක් සිදුකොට කඹුරුපිටිය සතොස ආයතනය අසල දමාගොස් ඇත.

 

සිසුවාගේ දෙමව්පියන් විසින් සිද්ධිය සම්බන්ධව කඹුරුපිටිය පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව දෙපාර්ශ්වයම කැඳවා විමර්ශනයක් සිදුකර සිද්ධිය සමථයකට පත්කර ගැනීම සඳහා සිසුවාගේ පියාට රුපියල් 10,000ක මුදලක් ලබාදුන් බව සිසුවාගේ පියා පවසයි.

 

පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවන පොලිස් නිලධාරිනිය කඹුරුපිටිය පොලීසියට අනියුක්තව සේවය කරන බවත් ඇය මෙයට පෙර අවස්ථාවකදී ද සිසුවාගේ පියාගේ ව්‍යාපාරික ස්ථානයට පැමිණ සිසුවාට චෝදනා කරමින් තර්ජනය කර ඇති බවත් පැවසෙයි.

 

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

 

 

Related posts

සපුගස්කන්ද තෙල් පිරිපහදුව විකුණා දැමීමේ සූදානමක් නැහැ

Mohamed Dilsad

මාතර දිස්ත්‍රික්කයෙන් බාර දී ඇති නාම යෝජනා මෙන්න. – තාත්තලා වෙනුවට පුතාල දෙන්නෙකුත් මැතිවරණයට

Editor O

හිටපු ජනපති රනිල්ට, ඉහළ අධිකරණයක නඩුදාන බව නීතිපති කියයි

Editor O

Leave a Comment