දේශීය

අවන්හලක ඇති වූ ගින්නෙන් සිව්දෙනෙකුට තුවාල

ගලහ දෙල්තොට ප්‍රදේශයේ අවන්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

 

පොලීසිය පැවසුවේ, අදාළ අවන්හලේ ආහාර පිසිමින් සිටියදී එක්වරම ගින්නක් හටගෙන ඇති බවය.

 

ගින්න නිවීමට උත්සහ කිරීමේ එහි සේවකයින් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.

 

තුවාල ලැබූ පුද්ගලයින් සිව්දෙනා ප්‍රතිකාර සඳහා ගලහ ප්‍රදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇත.

 

ගෑස් කාන්දුවක් ගින්නට හේතු වන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

 

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ, තුවාල කරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවය.

Related posts

ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා දීමේ සැලැස්මක් අද සිට

Mohamed Dilsad

වරාය නගර පනත් කෙටුම්පත වැඩි ඡන්ද 89 කින් සම්මත වෙයි [VIDEO]

Mohamed Dilsad

සින්නයියා නඩරාජසිවම් අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment