විදෙස්

උපාධි ප්‍රදානෝත්සවයක් අතරතුර වෙඩිතැබීමක්

වර්ජිනියාවේ රිච්මන්ඩ් හි උපාධි ප්‍රදානෝත්සවයක් අතරතුර ඉන් පිටත සිදුකළ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් හත්දෙනාගෙන් දෙදෙනෙක් මිය ගොස් තිබේ.

 

විදෙස් වාර්තා සඳහන් කළේ, 18 හැවිරිදි ශිෂ්‍යයෙක් සහ 36 හැවිරිදි උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වෙමින් සිටි තවත් පුද්ගලයෙකු මියගොස් ඇති බවය.

 

වෙඩිතැබීම සම්බන්ධයෙන් 19 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුට එරෙහිව දෙවන මට්ටමේ මිනීමැරුම් චෝදනා ඉදිරිපත් කිරීමට පොලීසිය අදහස් කරන බව එරට ආරක්ෂක අංශ පවසා ඇත.

 

සිද්ධිය අතරතුර 9 හැවිරිදි දැරියක් මෝටර් රථයක ගැටී ඇති අතර ඇගේ තත්ත්වය බරපතළ නොවන බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Related posts

ටවුටේ හානිය බලන්න මෝදි අද ගුජරාට් ප්‍රාන්තයට

Mohamed Dilsad

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇමෙරිකාවේ සංචාරයක

Mohamed Dilsad

දින ගණනකට පසු නවසීලන්තයේ නැවතත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment