විදෙස්

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇමෙරිකාවේ සංචාරයක

(උදයම්,ඉන්දියාව)  – ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි ඇමෙරිකාව බලා පිටත්වෙයි.

ඒ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ප්‍රථම ද්වි පාර්ශවික සාකච්ඡා සඳහාය.ඒ අනුව ඔහු වොෂින්ටන් නුවරට ළඟා වන්නේ එරට වේලාවෙන් හෙට උදෑසන 6ට පමණ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

විදේශීය ආරාධිතයෙකු සමඟ සිය ප්‍රථම නිළ රාත්‍රී භෝජනය ඇමරිකානු ජනාධිපතිවරයා  පවත්වන්නේ නරේන්ද්‍ර මෝඩි සමඟ වීම විශේෂත්වයකි.

ලබන සඳුදා පැවැත්වෙන නිළ සාකච්ඡාවලදී කලාපීය සහ ගෝලීය ආරක්ෂාව මෙන්ම ත්‍රස්තවාදය වැනි කරුණු පිළිබදව අවධානය යොමු වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.

අගමැති මෝඩි මෙම සංචාරයෙන්පෘ පසු පෘතුගාලයේ සහ නෙදර්ලන්තයේ ද සංචාරය කිරීමට  නියමිතය.

 

Related posts

ජල්ලිකට්ටු සම්බන්ධයෙන් වන නව පනතක්

Mohamed Dilsad

හැරී කුමරුගේ පෙම්වතිය පැහැරගෙන යයි

Mohamed Dilsad

ඉන්දුනීසියානු සුනාමියෙන් මිය ගිය ගණන 1200

Mohamed Dilsad

Leave a Comment