විදෙස්

ජල්ලිකට්ටු සම්බන්ධයෙන් වන නව පනතක්

(උදයම්,ඉන්දියාව)   –  ජල්ලිකට්ටු හෙවත් ගොන්පොර ක්‍රීඩාව පැවැත්වීම සම්බන්ධයෙන් වන නව පනතක් ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තය විසින් සම්මත කර ගනී.

ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ඕ.පනීර්සෙල්වම් ඇතුළු ප්‍රාන්ත අමාත්‍යවරුන් විසින් එම නව පනතට පක්ෂව අත්සන් තබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඒ අනුව ඉදිරියේ දී අදාළ පනත නීතියක් බවට පත්කිරීම සඳහා ඉන්දීය ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබාගැනීම සඳහා යොමුකිරීමට නියමිතය.

තමිල්නාඩු ප්‍රාන්තය තුළ ගොන් පොර ක්‍රීඩාව තහනම් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය ගෙන තිබු තීරණයට එරෙහිව පසුගිය දින කිහිපය තුළ විරෝධතා ව්‍යාපාර ද ක්‍රියාත්මක වුණි.

කෙසේවෙතත් ඉන් අනතුරුව ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා මැදිහත් වී ගොන්පොර පැවැත්වීම සඳහා තාවකාලිකව අවසර ලබාදුනි.

Related posts

ඉරානයට ඇමෙරිකාව සම්බාධක දමයි

Mohamed Dilsad

ප්‍රහාරයක අවදානම නොතකා පැවති විරෝධතාවය

Mohamed Dilsad

නේපාලයට ඇතිවූ ජල ගැලීම් වලින් 47 ක් මියගොස් 29 ක් අතුරුදන් වෙයි

Mohamed Dilsad

Leave a Comment