විදෙස්

ඉරානයට ඇමෙරිකාව සම්බාධක දමයි

(UTV|ඇමෙරිකාව) – ඉරානයට එරෙහිව තවදුරටත් දැඩි සම්බාධක පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඊට අදාළ ලේඛනයට ජනාධිපති ට්‍රම්ප් ඊයේ අත්සන් තබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

දෙරට අතර අර්බුදය උග්‍රවී ඇති පසුබිමක අමෙරිකාව ඉරානයට එරෙහිව යළිත් සම්බාධක පනවා ඇත.

ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් ඛමේනිද මෙම නව සම්බාධක වල ඉලක්කයක් වී තිබේ.

පසුගියදා ඉරානය විසින් අමෙරිකානු ඩ්‍රෝන යානයක් බිම හෙලනු ලැබූ අතර ඊට ප්‍රතිචාරයක් ලෙස සම්බාධක පැනවීම සිදුකර ඇති බවත් සඳහන්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නවසීලන්තයේ නව අගමැති ලෙස Chris Hipkins දිවුරුම් දෙයි

Mohamed Dilsad

නව කොරෝනා වෛරස් ප්‍රභේදය ඉන්දියාවත් ආක්‍රමණය කරයි

Mohamed Dilsad

උතුරු කොරියාව තවත් මිසයිල දෙකක් සාර්ථකව අත්හදා බලයි

Mohamed Dilsad

Leave a Comment