විදෙස්

නව කොරෝනා වෛරස් ප්‍රභේදය ඉන්දියාවත් ආක්‍රමණය කරයි

(UTV | ඉන්දියාව) – මේ වන විට සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන නව කොරෝනා වෛරස් ප්‍රභේදය ඉන්දියාවෙන් ද වාර්තා වී ඇත.

බ්‍රිතාන්‍යයේ සිට පැමිණි පුද්ගලයන් 06 දෙනෙකු මෙලෙස නව කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදනය වූ අය ලෙස හඳුනාගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

දකුණු අප්‍රිකාවෙන් සහ බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගැණුනු මෙම නව කොරෝනා වෛරස් ප්‍රභේදය 70 % ක වැඩි ආසාදන හැකියාවකින් යුක්ත බව විද්‍යාඥයන්ගේ මතය වී ඇත.

මීට අමතරව නව ප්‍රභේදය ආසාදිතයන් තිදෙනෙකු දකුණු කොරියාවෙන්ද හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඔවුන් 03 දෙනාම පසුගිය සතියේදී ලන්ඩන් නුවර සිට පැමිණ ඇති බව එම වාර්තාවල දැක්වෙයි.

නව ප්‍රභේදය වාර්තාවීමත් සමග බ්‍රිතාන්‍ය සමග ගුවන් ගමන් අත්හිටුවීමට ද දකුණු කොරියාව පසුගිය සතියේදී පියවර ගනු ලැබීය.

 

Related posts

ප්‍රංශයේ කොරෝනා මරණ ගණන ඇමෙරිකාව පසුකරයි

Mohamed Dilsad

සියලු ජයග්‍රහණ අප මතම රැඳී ඇති බව පූටින් පවසයි

Mohamed Dilsad

හයිටියේ බස් අනතුරක් 34ක් මරුට

Mohamed Dilsad

Leave a Comment