ව්‍යාපාරික

තෙල් මිල යළි ඉහළට

(UTV |  ඇමෙරිකාව) – ඇමෙරිකාවේ කොරෝනා වසංගත සහන පැකේජයට ජනපති ට්‍රම්ප් අත්සන් තැබීමෙන් පසු ඉල්ලුම ඉහළ යාමේ අපේක්ෂාවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාමක් දක්නට ලැබෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්වූ අමෙරිකානුවන්ට ඩොලර් 2000 ක සහනාධාර චෙක්පතක් ලබාදීම සඳහා එරට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය ද හිමිවිය.

ඒ්ත් සමග බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 51 ඉක්මවූ අතර, ඇමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල ද ඩොලර් 48 කට ආසන්න වී ඇත.

ඔපෙක් සංවිධානයේ තෙල් බැරලයක සාමාන්‍ය මිල වූයේ ඩොලර් 50 යි ශත 78 ක්.

 

 

Related posts

රජයේ රෝහල් 40 ක රෝගීන් ලක්ෂ 50 කට පමණ ඩිජිටල් පහසුකම්

Mohamed Dilsad

වියළි පලතුරු සැකසීම පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය

Mohamed Dilsad

ජුනි මාසයේ උද්ධමනය පහළට

Mohamed Dilsad

Leave a Comment