ව්‍යාපාරික

රජයේ රෝහල් 40 ක රෝගීන් ලක්ෂ 50 කට පමණ ඩිජිටල් පහසුකම්

(UTV | කොළඹ) – ඩිජිටල්කරණය වූ රජයේ රෝහල් 40 ක රෝගීන් ලක්ෂ පනහකට වැඩි (5,047,798) ප්‍රමාණයක් මේ වන විට ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ප්‍රකාශ කරයි.

මෙම රාජ්‍යය සෞඛ්‍ය සේවා ඩිජිටල්කරණය වැඩපිළිවල යටතේ ලියාපදිංචිව, සේවා ලබාගත් අවස්ථා ලක්ෂ එකසිය තිස්හතරක් (13,456,153) ඉක්මවා ඇතිබව ඊට අදාළ මෘදුකාංග වාර්තාවන් පෙන්නා දෙයි.

මේ වන විට දිවයිනේ උතුරු නැගෙනහිර ඇතුළු රෝහල් 40 කට පමණ මෙම මෙම ඩිජිටල්කරණ වැඩසටහන හදුන්වා දී ඇතැයි ද එම කටයුතු ඉතා සාර්ථකව සිදුවන බවද ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ වැඞසටහන් ප්‍රධානී ශ්‍රියානන්ද රත්නායක මහතා සදහන් කරයි.

Related posts

පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට මහ බැංකුව තීරණය කරයි

Mohamed Dilsad

මහ කන්නයේ දී වගා බිම් හෙක්ටයාර 45000 කට කාබනික පොහොර

Mohamed Dilsad

වගා නොකළ ඉඩම් ඵලදායී වගාවන් සඳහා යොදා ගැනීමේ නව ව්‍යාපෘතියක්

Mohamed Dilsad

Leave a Comment