ව්‍යාපාරික

වගා නොකළ ඉඩම් ඵලදායී වගාවන් සඳහා යොදා ගැනීමේ නව ව්‍යාපෘතියක්

(UTV | කොළඹ) – රාජ්‍ය වැවිලි සංස්ථාව සතු දැනට වගා නොකළ ඉඩම් ඵලදායී වගාවන් සඳහා යොදා ගැනීමේ නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

එහි සභාපති ශ්‍රීමාල් විජේසේකර මහතා සඳහන් කළේ ඒ අනුව තේ, කිතුල් සහ එනසාල් වගාව ප්‍රවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවයි.

නිසි කළමනාකරණයක් නොමැතිව ඉඩම් අතහැර දැමීම හේතුවෙන් රාජ්‍ය වැවිලි සංස්ථාව පසුගිය කාලයේ විශාල පාඩුවක් දැරූ බව ද ඔහු ප්‍රකාශ කළේය.

දැනට වැවිලි සංස්ථාව සතුව ඇති වතු සංඛ්‍යාව 18 ක් වන අතර එහි විශාලත්වය හෙක්ටයාර් 10,000 කට අධික බව ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.

 

Related posts

සුළු හා මධ්‍ය පරිමාන සහල් නිෂ්පාදකයන්ට ණය පහසුකම් සලසන්න උපදෙස්

Mohamed Dilsad

මහ බැංකු අධිපතිගේ රුව AI වලින් හදලා : ජාවාරම්කරුවන්ගේ වැඩක් : රැවටෙන්න එපා – ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දැනුම්දීමක්

Editor O

තිරිඟු පිටි මිල ඉහළට – බේකරි හිමියන් කියයි

Mohamed Dilsad

Leave a Comment