විදෙස්

ලොව දැවැන්තම කොරෝනා එන්නත්කරණය ඉන්දියාවෙන් අද ඇරඹෙයි

(UTV | ඉන්දියාව) –  ලොව දැවැන්තම කොරෝනා මර්දන එන්නත්කරණ වැඩපිළිවෙල ඉන්දියාවෙන් අද ආරම්භ වෙයි.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මූලිකත්වයෙන් පෙරවරු 10.30 ට එහි සමාරම්භක වැඩපිළිවෙල ආරම්භ කරනු ලැබීය.

පළමු අධියරේදී සෞඛ්‍ය සේවකයන් හා ප්‍රමුඛ පෙල අවධානම් සේවකයන් කෝටි 03 ක් එන්නත් කිරීමට නියමිතව ඇති අතර ,
අද දිනයේදී ස්ථාන 3000 ක එකවර එන්නත්කරණය සිදුකෙරෙනු ඇත.

ඔක්ස්ෆර්ඞ් එන්නතේ ඉන්දීය නියෝජිතායතනය සහ භාරත් බයෝටෙක් සමාගම නිපදවන ලද එන්නත් දෙක මෙලෙස එන්නත් කරනු ලබන අතර , එහිදී සෑම ස්ථානයකම පුද්ගලයන් 100 ක් එන්නත් කිරීමට නියමිතව තිබේ.

 

Related posts

පිලිපීනයේ යුධ නීතිය ක්‍රියාත්මක කරයිද?

Mohamed Dilsad

කොරෝනා වලට පළමු මිනිස් අත්හදා බැලීම සිදු කරන්න සුදානම්

Mohamed Dilsad

ලෝ පුරා කොරෝනාවෙන් මිය ගිය ගණන 6000 ඉක්මවයි – ආසාදිතයින් එක්ලක්ෂ 69,415

Mohamed Dilsad

Leave a Comment