විදෙස්

ලොව දැවැන්තම කොරෝනා එන්නත්කරණය ඉන්දියාවෙන් අද ඇරඹෙයි

(UTV | ඉන්දියාව) –  ලොව දැවැන්තම කොරෝනා මර්දන එන්නත්කරණ වැඩපිළිවෙල ඉන්දියාවෙන් අද ආරම්භ වෙයි.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මූලිකත්වයෙන් පෙරවරු 10.30 ට එහි සමාරම්භක වැඩපිළිවෙල ආරම්භ කරනු ලැබීය.

පළමු අධියරේදී සෞඛ්‍ය සේවකයන් හා ප්‍රමුඛ පෙල අවධානම් සේවකයන් කෝටි 03 ක් එන්නත් කිරීමට නියමිතව ඇති අතර ,
අද දිනයේදී ස්ථාන 3000 ක එකවර එන්නත්කරණය සිදුකෙරෙනු ඇත.

ඔක්ස්ෆර්ඞ් එන්නතේ ඉන්දීය නියෝජිතායතනය සහ භාරත් බයෝටෙක් සමාගම නිපදවන ලද එන්නත් දෙක මෙලෙස එන්නත් කරනු ලබන අතර , එහිදී සෑම ස්ථානයකම පුද්ගලයන් 100 ක් එන්නත් කිරීමට නියමිතව තිබේ.

 

Related posts

ඉරාන පාසල් සිසුවියන්ට විෂ දුම් ප්‍රහාරයක්

Mohamed Dilsad

කොරෝනා නිසා කෝටි ගණනක රෝහල් බිලක් ගෙවූ පුද්ගලයා

Mohamed Dilsad

ඇෆ්ගනිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 15 ක් මරුට

Mohamed Dilsad

Leave a Comment