විදෙස්

ආදායම පහළ යාම නිසා රාජ්‍ය සේවකයින්ගේ වැටුප 25% කින් කපයි

(UTV | පීජිං) – රාජ්‍ය සේවකයන්ගේ වැටුප දළ වශයෙන් සියයට විසිපහකින් පමණ කපා හැරීමේ ක්‍රියාවලියක චීනය නිරතව සිටින බව විදෙස් වාර්තා පවසයි.

කොරෝනා වංසගතය හමුවේ පළාත් පාලන ව්‍යහුයන්ගේ ආදායම පහළ යාම මෙම අර්බුදකාරී වාතාවරණය ඇතිවීමට මූලික හේතුව බව එම වාර්තා වල සදහන් වේ.

සිවිල් සේවකයන්, ගුරුවරුන් වැනි පිරිස් මෙම ගැටලුවට මුහුණ දී ඇති අතර හෙනාන්, ෂිනැක්ෂි, ගුවන්ඩොන්ග්, හුබෙයි ඇතුළු ප්‍රාන්ත ගණනාවක වැසියන්ගේ වැටුප් මෙලෙස කපා හැර තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරයි.

ඇතැම් ප්‍රාන්තවල සිවිල් සේවකයන්ට සහ ගුරුවරුන්‍‍ට මේ වසරේ ජනවාරි මාසයේ දී ලබාදුන් ප්‍රසාද දීම‍නා යළි දින දහයක් තුළ ආපසු රජයට ගෙවන ලෙසට නියෝග කර ඇතැයි ද වාර්තා වේ.

Related posts

විරාත් කෝලිට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

කොරෝනාව ඇමරිකාවේ 85 ක් බිලි ගනී

Mohamed Dilsad

ඇමරිකානු ජනාධිපති බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක.

Mohamed Dilsad

Leave a Comment