දේශීය

දිවිනැගුම ලිත් නඩුවෙන් බැසිල් නිදහස් වෙයි

(UTV | කොළඹ) – දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන යොදාගනිමින් 2015 ජනාධිපතිවරණ සමයේදී ලිත් මුද්‍රණය කල බව කියන නඩුවෙන් එවක ආර්ථික සංවර්ධන අමාත්‍ය වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන් නිදහස් කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතායි නියෝගය ලබාදුන්නේ.

විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරවම විත්තිකරුවන් නිදහස් කෙරුණා.

පැමිණිල්ල විසින් චෝදනා සනාථ කිරීමට අපොහොසත්වී ඇති බවයි විනිසුරුවරයා දන්වා සිටියේ.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් දෙකෝටි 94 ලක්ෂයක මුදලක් වැයකර එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ රුව සහිත ලිත් ලක්ෂ 50 ක් මුද්‍රණය කර බෙදා හැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබුණා.

Related posts

දේශබන්දු පොලිස්පති ධුරයට පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිද…? පෙත්සම් විභාගයට දින නියම කෙරේ

Editor O

නිවෙස්වල භාවිතා කරන ශීතකරණ සහ වායුසමීකරණ ගැන විශේෂ අනාවරණයක්

Editor O

කටුනායකින් ජපන් ගිය යානය මඟදි හැරී ආ හේතුව

Mohamed Dilsad

Leave a Comment