ක්‍රීඩාවිදෙස්

විරාත් කෝලිට අනතුරු ඇඟවීමක්

ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සිය ‘යෝ-යෝ’ යෝග්‍යතා පරීක්ෂණයේ ප්‍රතිඵලය අන්තර්ජාලයට මුදා හැරීම නිසා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කලබල වී ඇති බව වාර්තා වෙයි.

 

එය වරදක් බව දක්වා ඇති අතර, අනෙක් ක්‍රීඩකයන්ට ද එම වරද නොකරන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අනතුරු අඟවා තිබේ.

 

විරාත් කෝලි සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම තුළ යෝ-යෝ යෝග්‍යතා පරීක්ෂණයේ ලකුණු ප්‍රදර්ශනය කරමින් පෝස්ටුවක් පළකර තිබිණි.

 

එම පෝස්ටුව තුළ විරාත් කෝලි, සිය යෝග්‍යතා පරීක්ෂණයේ ලකුණු ගණන ‘17.2 done’ ලෙස සටහන් කර ඇත.

 

යෝ-යෝ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය යනු, ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමට තෝරා ගන්නා අනිවාර්ය ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකි.

 

මෙම යෝග්‍යතා පරීක්ෂණයේ ලකුණු රහස්‍යව පැවතිය යුතු එකක් වන අතර, එය නොසලකා හැරීම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නීති-රීති උල්ලංඝණයක් බවත් දක්වා ඇත.

 

කෙසේ වෙතත් විරාත් කෝලි, ආසියානු කුසලාන තරගාවලියේ පකිස්තානයට එරෙහි තරගයට පෙර යෝ-යෝ පරීක්ෂණයෙන් සමත් වී ඇත.

Related posts

ටාටා හිටපු සභාපති මරුට

Mohamed Dilsad

මෙතෙක් කල් හෙළි නොවූ කොරෝනා එන්නත්වල මිල ගණන්

Mohamed Dilsad

ඉන්දීය මහ මැතිවරණයකට අත් බෝම්බ ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment