ක්‍රීඩා

ක්‍රිකට් ක්‍රීඩක වැටුප 40% කින් කප්පාදුවක්

(UTV | කොළඹ) – කොන්ත්‍රාත්ගත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වැටුප් 40% කින් කප්පාදු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇත.

දක්ෂතා මත පදනම් වූ දීමනා ලබා දීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා යෝජනා කර ඇති පසුබිමක ක්‍රිකට් බළධාරීන් මෙලෙස වැටුප් කප්පාදුවකට සූදානමින් සිටියි.

ඒ අනුව අමෙරිකානු ඩොලර් 120,000ක වාර්ෂික කොන්ත්‍රාත්තුවකට හිමිකම් කියන ක්‍රීඩකයෙකුගේ කොන්ත්‍රාත් වටිනාකම අමෙරිකානු ඩොලර් 70,000 දක්වා පමණ පහළ යනු ඇති.

මීට අමතරව ටෙස්ට් තරගයක් සදහා ඩොලර් 7,500 ක මුදලක් ද , එක්දින තරගයක් සදහා ඩොලර් 4000 ක මුදලක් ද, 20-20 තරගයක් සදහා ඩොලර් 2000 ක මුදලක් ද ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩකයින්ට ගෙවනු ලබයි.

 

Related posts

ජර්මනියේ පාපන්දු ක්‍රීඩකයන් දෙදෙනෙකුට කොරෝනා

Mohamed Dilsad

ලෝක කුසලානයට යන අපේ කණ්ඩායම අද පිටත්වූ හැටි(වීඩියෝ)

Mohamed Dilsad

අමෙරිකාවට තවත් පරාජයක්

Mohamed Dilsad

Leave a Comment