විදෙස්

නේපාලයට ඇතිවූ ජල ගැලීම් වලින් 47 ක් මියගොස් 29 ක් අතුරුදන් වෙයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නේපාලයට බලපා ඇති ගංවතුර සහ නයායෑම් හේතුවෙන් පුද්ගලයන් දහස් ගණනක් අවතැන්ව සිටින බවත් , අයහපත් කාලගුණයෙන් තුවාල ලැබූ පුද්ගලයන් ගණන 30කට අධික බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 47 දක්වා ඉහළ ගොස් ඇති අතර , 29 දෙනෙකු අතුරුදන්ව තිබෙන බව එරට මාධ්‍ය පවසයි.

මෝසම් වැසි සමඟ ඇතිවූ ජල ගැලීම හේතුවෙන් නේපාලය, බංග්ලාදේශය සහ ඊසාන දිග ඉන්දියාවේ මිලියනකට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

නිවාස, රථවාහන හා වගාබිම් රැසක්ද ජලගැලීම්වලට හසුව ඇති අතර , ගංගා රැසක්ද මේ වන විට පිටාර මට්ටමට ළඟා වී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ගංවතුර සහ නායායෑම් වලින් විපතට පත් පුද්ගලයන් වෙනුවෙන් සහන සේවා මෙහෙයුමක්ද එරට බලධාරීන් විසින් ආරම්භ කර තිබේ.

Related posts

දකුණු ඉන්දියාවට භූ කම්පනයකින් බලපෑම්

Mohamed Dilsad

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් දේශපාලන නායකයෙකු සහ බිරිඳ මරුට

Editor O

මොඩෙර්නා එන්නතත් හදිසි භාවිතයට WHO අනුමත කරයි

Mohamed Dilsad

Leave a Comment