විදෙස්

දින ගණනකට පසු නවසීලන්තයේ නැවතත් කොරෝනා

(UTV | කෝවිඩ්-19) – නවසීලන්තයෙන් දින 24 කට පසු කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු හමුවී තිබේ.

එකම පවුලක කාන්තාවන් දෙදෙනෙකු මෙලෙස වෛරසය ආසාධිතයන් හඳුනාගෙන ඇති අතර ඔවුන් දෙදෙනාම මහා බ්‍රිතාන්‍යයේ සංචාරය කර පැමිණි අය බව විදෙස් වාර්තාවල දැක්වෙයි.

පසුගිය සතියේදී නවසීලන්තය කොවිඩ් -19 වෛරසයෙන් තොර රටක් ලෙස ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව එරට තුළ පණවා තිබූ සියලුම නිරෝධායන නීති පවා ඉවත් කලද ඉතාම සීමිත කාණ්ඩ කිහිපයකට හැර වෙනත් කිසිවෙකුට තවමත් නවසීලන්තයට ඇතුලුවීමට මේ දක්වා අවසර හිමි නොවේ.

නවසීලන්තයෙන් මේ වනවිට කොරෝනා ආසාධිතයන් 1506 දෙනෙකුද මරණ 22 ක් ද සටහන් වේ.

Related posts

ඉන්දියාවේ ඉන්ධන මිල පහළට..ශ්‍රී ලංකාවේ?

Mohamed Dilsad

ප්‍රහාරයක අවදානම නොතකා පැවති විරෝධතාවය

Mohamed Dilsad

චීන ප්‍රබලයෙක් ලංකාවේ සංචාරයක

Mohamed Dilsad

Leave a Comment