දේශීය

තවත් ලාංකිකයින් දස දහසක් පමණ මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන්

(UTV | කොළඹ ) – තවත් ශ‍්‍රී ලාංකිකයින් දස දහසක් පමණ මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවන බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

කටුනායක ගුවන් තොටුපළ නැවත විවෘත කිරීම, එම පිරිස ගෙන්වා ගැනීමෙන් පසු අගෝස්තු මස පළමුවනදා වන විට සිදු කිරීමට අවධානය යොමුව ඇති බව එහි ලේකම් එස් හෙට්ටිආරච්චි පැවසුවේය.

සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් අනුව ගුවන් තොටුපළ විවෘත කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කරන බව ද සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් එස් හෙට්ටිආරච්චි තවදුරටත් ප්‍රකාශ කර තිබේ.

Related posts

නෞකාව ගිනි ගැනීම නිසා අසරණ වූ ධීවරයින්ට සහන දෙන්නැයි, කතෝලික පියතුමන්ලා ඉල්ලයි

Mohamed Dilsad

ප්‍රවීන රංගන ශිල්පී දයා තෙන්නකෝන් දැයෙන් සමුගනී

Mohamed Dilsad

බණ්ඩාරගම වෙඩි තැබීමක්…!

Editor O

Leave a Comment