දේශීය

බූස්ස බන්ධනාගාරය තුළට ජංගම දුරකතන සංඥා අවහිර කිරීමේ යන්ත්‍රයක්

(UTV | කොළඹ) – බූස්ස බන්ධනාගාරයේ සිර මැදිරි තුළ තිබි පසුගිය දිනවල ජංගම දුරකතන සහ ඒවායේ උපාංග රැසක් හමුවීමත් සමග රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය විසින් බන්ධනාගාරය තුළ දුරකතන සංඥා අවහිර කිරීමේ යන්ත්‍රයක් සවි කිරීමට ඊයේ (15) පස්වරුවේ පියවර ගත්හ.

මේ නිසා ජංගම දුරකතනවලින් බන්ධනාගාරය තුළ සිට පිටතට ඇමතුම් ගැනිමටද බන්ධනගාරයට ඇමතුම් ගැනීමටද බාධා පැමිණ ඇති නමුත් සෘජු දුරකතනවලට එයින් බාධාවක් නොමැති බව බන්ධනාගාර නිලධාරින් පවසයි.

එහෙත් බන්ධනාගාරයේ සිට මිටර් දෙතුන් සියක් ඇතුළත පදිංචිකරුවන් පවසන්නේ බන්ධනාගාරය තුළ සංඥා අවහිර කිරිම තමන්ටද බලපා ඇති බවයි.

මේ හේතුවෙන් ප්‍රදේශවාසිහු ඉල්ලා සිටින්නේ එම සංඥා අවහිර කිරීම බන්ධනාගාරය තුළට පමණක් සීමාවන පරිදි සවි කරන ලෙසයි.

Related posts

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

නව අගමැතිධුරයේ දිවුරුම් දීම අද

Mohamed Dilsad

කාලගුණෙන් රතු නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment