දේශීය

මංගල රෑ අවසන් ගමන් ගිය ආදරවන්තයෝ

මංගල රාත්‍රියේම සැකකටයුතු ලෙස මියගොස් සිටි අඹුසැමි යුවළක් සම්බන්ධයෙන් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වේ.

 

22 හැවිරිදි ප්‍රතාප් යාදව් සහ එම ප්‍රදේශයේම පදිංචි 20 හැවිරිදි පුෂ්පා දේවි විවාහ වී ඇත්තේ පසුගිය 30වනදාය.

 

විවාහය දා රාත්‍රියේ යුවළ ප්‍රතාප් යාදව්ගේ නිවසේ චාරිත්‍රානුකූලව නතර වී ඇති අතර, පසුව දා උදෑසන ඥාතීන් පැමිණ කතා කළද ඔවුන් කාමරයෙන් එළියට නොපැමිණි නිසා දොර කඩා පරීක්ෂා කර තිබේ.

 

එහිදි ඔවුන් දෙදෙනා කාමරය තුළ මියගොස් ඇතැයි අනාවරණය වී ඇත.

 

මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ පිරිසිදු වාතාශ්‍රය නොමැති කමින් මොවුන් දෙදෙනාට හුස්ම ගැනීමට අපහසු වී හෘදයාබාධයකින් මිය ගොස් ඇති බවය.

 

නව යුවළගේ මරණය සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණයක් ක්‍රියාත්මක අතර ඔවුන් නවාතැන් ගෙන සිටි ස්ථානයේ අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණයක් සිදුකළ අතර ඔවුන් අනුභව කළ ආහාර පිළිබඳව පරීක්‍ෂණ පවත්වන බව එම ප්‍රදේශයේ පොලීසිය පවසා ඇත.

 

 

Related posts

එක් ෆාමසීයකින් පමණක් ඖෂධ ඇණවුම් ලබා ගන්නැයි උපදෙස්

Mohamed Dilsad

ජාතික රෝහලට වාර්තාවන අනතුරු 40 % පහළට

Mohamed Dilsad

පාකිස්ථාන – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික වෙළඳාම ප්‍රවර්ධනය කිරීම සඳහා සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment