දේශීය

තිළිණි රෝහලේ – නඩුව කල්යයි

වාහනයක් ලබාදෙන බව පවසා මාතර ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 80ක මුදලක් ලබාගෙන සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටින තිළිණි ප්‍රියමාලිට එරෙහි නඩුව අගෝස්තු මස 11 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

 

මෙම නඩුව අද (05) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

 

එම අවස්ථාවේදී විත්තිකාර තිලිණි ප්‍රියමාලි අධිකරණයේ පෙනී නොසිටියේය.

 

ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය සඳහන් කළේ, තම සේවාදායිකාව අසනීප තත්ත්වයෙන් කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන බවය.

 

ඒ අනුව නඩුව අගෝස්තු මස 11 වනදා යළි කැඳවීමට නියම කළ විනිසුරුවරයා එදින පිළිගත් වෛද්‍ය වාර්තාවක් සමග විත්තිකාරිය අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවටත් නියෝග කළේය.

 

2010 වසරේ මාතර ප්‍රදේශයේ පුද්ගලයෙකුට වාහනයක් ලබා දෙන බව පවසා එම පුද්ගලයාගෙන් රුපියල් ලක්ෂ 80ක මුදලක් ලබාගෙන එය සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා එම නඩුව පවරා තිබේ.

Related posts

නව සාමාජිකයින් සමඟ මැතිවරණ සහ පොලිස් කොමිෂන් සභාවල කටයුතු අද ඇරඹේ

Mohamed Dilsad

“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ ඇතිවූ ගින්න පාලනය කරයි [PHOTOS]

Mohamed Dilsad

රිය අනතුරකින් බිළිඳෙක් සහ පුද්ගලයෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment