දේශීය

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ උප සභාපති ධුරය ලංකාවට

‍එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරය සඳහා ශ්‍රී ලංකාවට උප සභාපති ධුරය හිමිව තිබේ.

 

රටවල් 193ක් විසින් ඒකමතිකව ශ්‍රී ලංකාව උප සභාපති ධූරය සඳහා තෝරා පත්කරගෙන ඇති බව වාර්තා වෙයි.

 

ඒ අනුව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත තානාපති මොහාන් පීරිස් මහතා විසින් ආසියානු පැසිෆික් කාලාපය වෙනුවෙන් 2023 සැප්තැම්බර් මාසයේ සිට 2024 සැප්තැම්බර් මාසය දක්වා කාලය සඳහා අදාළ තනතුර භාර ගැනීමට නියමිතය.

 

ශ්‍රී ලංකාවට අමතරව තවත් රටවල් 21ක් මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ උප සභාපති තනතුර සඳහා තොරා පත්කරගෙන ඇති බව වාර්තා වෙයි.

 

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය ලබන සැප්තැම්බර් මස 12 වන දින ආරම්භ වන අතර එය සැප්තැම්බර් 25 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.

Related posts

ඔබ වගා කරන්න : අපි විකුණන්නම් – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

ආරුක්කු නවයේ පාළමේ ජල කාන්දුවක්….?

Editor O

ප්‍රදේශ රැසකට විටින් විට වැසි

Mohamed Dilsad

Leave a Comment