Trending Newsඑසැන පුවත්දේශීය

ඔබ වගා කරන්න : අපි විකුණන්නම් – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ඉදිරි කාලය තුළ අපනයන කෘෂිකර්මය ශක්තිමත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා එම අදහස් පළ කළේ ”පුළුවන් ශ්‍රී ලංකා” මහියංගනයේ දී පැවති ජන රැළියේදීය.

ජනාධිපතිවරයා මෙසේ ද කීවේය. අපනයනය කෘෂිකර්මය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් සකසනවා. ඔබ වගා කරන්න. අපි විකුණන්නම්,  2050 වන විට ලෝක ජනගහනය මිලියන 9ක් බවට පත්වෙනවා. ඒකෙන් මිලියන 20-25කට ආහාර සපයන්න අපට පුළුවන්. ආහාර සුරක්ෂිතතාව දැනට ඇති කරලා තියෙනවා. ආහාර සුරක්ෂිතතාව තිබුණට අදායම වැඩිවෙන්නේ නෑ. සහනාධාර දෙන්නේ දුප්පත්ම තියා ගන්න නෙවෙයි. මම සහනාධාර දෙන්නේ දුපත්කම නැති කරලා ඔබ පොහොසත් කරන්න. අපනයන කෘෂිකර්මය ශක්තිමත් කරන්න යැයි ද ජනාධිපතිවරයා කීවේය.

Related posts

“Three Identical Strangers” to be remade

Mohamed Dilsad

කොළඹට පැය 18 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

පාසල් විවේක කාලය ට සංශෝධනයක්…?

Editor O

Leave a Comment