Trending Newsඑසැන පුවත්දේශීය

ආරුක්කු නවයේ පාළමේ ජල කාන්දුවක්….?

උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල, ආරුක්කු 9 පාලමේ ජල කාන්දුවක් පවතින බව වාර්තා වෙයි. අධික වර්ෂාව පවතින දිනවල දී එම ජල කාන්දුව දැක ගැනීමට හැකි වන බව සඳහන්.

ඇල්ල සහ දෙමෝදර දුම්රිය ස්ථාන අතර 1921 වසරේ දී මෙම ආරුක්කු 9 පාලම ඉදිකර ඇති අතර එය දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනයට ලක්වූ ස්ථානයක් ලෙස සැලකේ. අධික වර්ෂාව පැවති පසුගිය දින කිහිපය තුළ පාලමේ එක් ස්ථානයකින් ජල කාන්දුවක් නිරීක්ෂණය වූ බව එහි ස්වේච්ඡා ආරක්ෂකයෙකු ලෙස කටයුතු කරන ඩබ්ලිව්. එම් සුමනසේන මහතා සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසා සිටියේ, අදාළ සිදුවීම පිළිබඳව මෙතෙක් දුම්රිය දෙපාර්තමේන්තුව දැනුවත් වී නොමැති බවයි. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් කඩිනමින් සොයාබලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.

මේ අතර ඇල්ල, ආරුක්කු 9 පාලම ආසන්නයේ පවතින ඉදිකිරීම් සම්බන්ධයෙන් සොයාබලා එහි අනවසර ඉදිකිරීම් ඇත්නම් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

දිනයකදී කල වැඩිම PCR පරීක්ෂණ ගණන ඊයේ දිනයේදී

Mohamed Dilsad

උපකාරක පන්ති ආරම්භය ගැන විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

අත්‍යවශ්‍ය සේවා කඩාකප්පල් කරන්නන්ට එරෙහිව නව නීතියක්

Editor O

Leave a Comment