දේශීය

දිස්ත්‍රික්ක 4කට නායයෑමේ අනතුරු ඇඟවීම්

පවතින වර්ෂාපතන කාලගුණ තත්ත්වයත් සමග දිවයිනේ දිස්ත්‍රික් 04කට නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

 

ඒ අනුව මාතර, රත්නපුර, ගාල්ල සහ කළුතර යන දිස්ත්‍රික්ක සඳහා එම නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා පැවසුවේය.

 

ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ, පිටබැද්දර, විශේෂයෙන් කළුබෝවිටියාන ප්‍රදේශවල ජනතාවට අවදානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරයි.

 

මේ අතර, ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ හා නෙළුව ප්‍රදේශවල ජනතාවටත් කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, පාලින්දනුවර, මතුගම, අගලවත්ත හා බුලත්සිංහල යන ප්‍රදේශවල ජනතාවටත් නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

 

 

Related posts

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ට නව නිලධාරීන් පත් වෙති.

Editor O

වරාය සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

Mohamed Dilsad

කොවිඩ් එන්නතේ තුන්වන මාත්‍රාව ලබාදිම හෙට සිට

Mohamed Dilsad

Leave a Comment