දේශීය

සිරකරුවන් පිරිසකට ජනපති සමාව

බන්ධනාගාර ගතව සිටින සිරකරුවන් පිරිසක් වෙත පොසොන් පොහොයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ රාජ්‍ය සමාවක් ලබාදී තිබේ.

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව එම සමාව ලබාදෙනු ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

ඒ අනුව නියමයන් සහ කොන්දේසි කිහිපයක් මත සිරකරුවන් සඳහා එම විශේෂ සමාව ලබාදීමට නියමිතව තිබේ.

 

හෙට (03) දිනය වන විට සිරදඬුවම් විඳින සිරකරුවන් වෙත බන්ධනාගාරය තුළ ගත කරන ලද වසරකට හෝ ඉන් කොටසකට දින 14ක සමාවක් ලබාදීමට නියමිතය.

 

දඩ මුදල් නොගෙවීම මත බන්ධනාගාර ගතව සිරදඬුවම් විඳින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ඉතිරි කාලය අහෝසි කිරීමට තීරණය කර තිබේ.

 

දඩ දඬුවම් ද ඇතුළත්ව වසර 40ක් හෝ ඊට වැඩි සිරදඬුවම් නියම කර හෙට දිනය වන විට දඬුවමේ වසර 20ක කාලයක් ගෙවා අවසන් කර ඇති සිරකරුවන්ට මෙලෙස සමාව හිමි වීමට නියමිතය.

 

මේ අතර පොසොන් පොහොයට සමගාමීව අද (02) සිට විශේෂ දුම්රිය සේවාවක් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

 

කොළඹ කොටුව සිට අනුරාධපුරය දක්වා ගමන් කරන සැදැහැවතුන්ගේ පහසුව සඳහා එම විශේෂ දුම්රිය යෙදවීමට කටයුතු කරන බව ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉදිපොලගේ මහතා පැවසුවේය.

 

ලංකා ගමනාගමන මණ්ඩලය ද පොසොන් පොහොයට සමගාමීව විශේෂ බස් රථ සේවාවක් අද සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

 

 

Related posts

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන අයට නිසි අවබෝධයක් නැහැ – මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නාහිමි

Editor O

අඩු බර පාන් අලෙවි කරන්නන් සොයා වැටලීම්

Mohamed Dilsad

සී.ඩී වික්‍රමරත්න පොලිස්පති ලෙස පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ නිර්දේශ

Mohamed Dilsad

Leave a Comment