දේශීය

සාමාන්‍ය පෙළ විභාගයට අදාළව හදිසි දැනුම්දීමක්

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කිසිදු පාසලකට විභාගය පැවැත්වෙන කාළසීමාව තුළදී බාහිර පාර්ශ්වයකට ඇතුළුවීම තහනම් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

 

තවද විභාගයට අදාළ ලියකියවිලි හැර වෙනත් කිසිදු පත්‍රිකාවක් සිසුන් අතර බෙදාහැරීම නොකළ යුතු බවද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා දැනුම් දෙයි.

 

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඊයේ (29) ආරම්භ කෙරුණි.

 

එය ලබන මස 08 වනදා දක්වා පැවැත්වෙයි.

 

ඒ සඳහා අපේක්ෂකයින් 472,553 දෙනෙකු පෙනීසිටින අතර දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,568කදී විභාගය පැවැත්වීමට කටයුතු සලසා තිබුණි.

 

 

 

Related posts

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අධිකරණයට කැඳවීමේ සූදානමක්…?

Editor O

අභිරහස් ලෙස මිය ගිය තරුණයෙකුගේ සිරුරක් හමුවෙයි

Mohamed Dilsad

වතු කම්කරු පවුල් 200 ක් ස්වයං නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment