දේශීය

ලංකාවට ගෙන්වූ වැඩක් නැති යන්ත්‍රයක්

යූරෝ මිලියන 11.4ක ණය මුදලකට විදෙස් රටකින් මිලදී ගත් මෙතෙක් භාවිතයට නොගත් උපකරණයක් පිළිබඳව අද හෙළිදරව් විය.

 

මේ පිළිබඳව හෙළිදරව් වූයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදීය.

 

එම සභාව හමුවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු නිලධාරින් කැඳවු අවස්ථාවේදී මේ බව අනාවරණය විය.

 

මෙලෙස මෙරටට මිලදීගෙන ඇත්තේ සේයා පටල සැකසීමට යොදාගන්නා යන්ත්‍රයකි.

 

එහිදී වැඩිදුරටත් අනාවරණය වූයේ අදාළ යන්ත්‍රය 1999 වසරේදී මෙලෙස අධික මුදලක් වියදම් කර ගෙන්වා ඇතිමුත් අද වනතුරු භාවිතයට ගෙන නොමැති බවය.

 

 

Related posts

ගෝලීය කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව කෝටි 03 ඉක්මවයි

Mohamed Dilsad

එල්.ටී.ටී.ඊය ප්‍රවර්ධනය කළ දෙදෙනෙක් යාපනයේදී අත්අඩංගුවට

Mohamed Dilsad

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා විශේෂ පොලී අනුපාතිකයක්

Editor O

Leave a Comment