දේශීය

දේවගැති ජෙරම්ගේ පෙත්සම 05 වනදා කැඳවයි

දේවගැති ජෙරම් ප්‍රනාන්දු සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ලබන 05 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබුණි.

 

ඒ අනුව එදින පෙත්සම විවෘත අධිකරණයේ කැඳවනු ලබන අතර එහිදී පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා කරුණු දැක්වීමට නියමිතය.

 

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, එහි අධ්‍යක්ෂවරයා සහ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා නම් කර තිබේ.

 

පෙත්සම්කරු කියා සිටින්නේ වගඋත්තරකරුවන් විසින් තමන්ව නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවය.

 

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් වග උත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙසත් ඉල්ලමින් පෙත්සම ඉදිරිපත් කර තිබේ.

Related posts

මහජන දිනයේ ජනතාවට සිදුවන අපහසුතා ගැන පැමිණිලි කරන්නැයි දැනුම් දීමක්

Mohamed Dilsad

දෙසැම්බර් 10 ට පෙර වාර්ෂික ප්‍රසාද දීමනා ඕන. ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයෝ ඉල්ලති.

Editor O

විෂ දුමක් ආඝ්‍රහණය වී සිසුන් 50 කට අධික පිරිසක් රෝහල් ගතකරයි

Mohamed Dilsad

Leave a Comment